gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඡන්දයට ඇප තියන ගැසට්ටුවත් එයි !

2019 ජනවාරි 05 පැවැත්වෙන මහ මැතිවරණය වෙනුවෙන් ස්වාධීන කණ්ඩායම් විසින් ඇප මුදල් තැන්පත් කිරිම පිළිබඳ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

පිළිගත් දේශපාල පකෂ සඳහා ඇප මුදල් තැන්පත් කිරිමක් අවශ්‍ය නොවේ. පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වන වගන්තිය ප්‍රකාරව ස්වාධීන කණ්ඩායම් විසින් නාමයෝජනා පත්‍ර ඉදිරිපත් කරන ලද එක් එක් අපේක්ෂකයා සඳහා රුපියල් 2000 බැගින් ගණන් බලා තේරීම් භාර නිලධාරිවරයා වෙත
තැන්පත් ඇප මුදල් කළ යුතුය.

ගැසට් පත්‍රයහි සඳහන් පරිදි කොළඹ දිස්ත්‍රික්කය සඳහා මන්ත්‍රීවරුන් 19 දෙනෙකු, ගම්පහ දිස්ත්‍රික්කය සඳහා මන්ත්‍රීවරුන් 18 දෙනෙකු, කුරුණෑගල දිස්ත්‍රීක්කය සඳහා මන්ත්‍රීවරුන් 15 දෙනෙකු තෝරා ගැනිමට නියමිතයි.

මහනුවර දිස්ත්‍රික්කයට මන්ත්‍රීවරුන් 12 දෙනෙකු, රත්නපුරට 11 දෙනෙකු, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්ක සඳහා මන්ත්‍රීවරුන් 10 දෙනෙකු බැගින් තෝරා පත් කර ගන්නා අතර අනුරාධපුරය සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට මන්ත්‍රීවරුන් 09ක් බැලින් තෝරා ගැනේ.

පුත්තලම, නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක සඳහා මන්ත්‍රීවරුන් 08 දෙනෙකු බැගින් තෝරා ගැනිමට නියමිතය. මාතර, හම්බන්තොට, යාපනය සහ දිගාමඩුල්ල යන දිස්ත්‍රික්කවලට මන්ත්‍රීවරුන් 07 දෙනෙකු බැගින් තෝරා ගන්නා අතර වන්නි සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහා මන්ත්‍රීවරුන් 06 දෙනෙකු බැගින් තෝරා ගත යුතුය.

මඩකලපුව, පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්ක වෙනුවෙන් මන්ත්‍රීවරුන් 05 දෙනෙකු බැගින් ද ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයට මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු ද පාර්ලිමේන්තුව සඳහා තෝරා ගැනෙයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka