gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උපත් පාලන සැත්කමට ගෙන ගිය ගෑනි දොස්තර ළඟදි පිරිමියෙක්

ඇය මාතලේ ප්‍රදේශයේ විශ්‍රාමික පාසල් ගුරුවරියකි. දැනට අමතර පංතියක් පවත්වන්නීය.


නිවසේ සිටින මීයන්ගෙන් ඇය මහත් අපහසුතාවට පත්වූවාය. මේ බව අමතර පංතියට සහභාගී වුණු දරුවන්ට ද පැවැසුවේ පූස් පැටියෙක් ගෙන්නා ගැනීමේ අදහසිනි. අමතර පංතියේ ළමයකු ගෙනැවිත් දුන් පූස් පැටියා මැදි වියෙහි පූසෙකු වුවත් ගුරුවරිය
ඌ ආදරයෙන් හදා වඩා ගත්තාය.


ඌ පූසෙකු නොව පූසියෙකු බව නිවැසියන්ගේ අදහස වීය. මේ පූසි පැටව් ගැසුවොත් මහත් කරදර හිරිහැර විඳින්න සිදුවන බව තම දරුවෝද කියන්නට ගත්හ. මේ ගැන ගුරුවරියද තම අවදානය යොමු කළාය.


ඇගේ සැමියාගේ පවා අදහස වූයේ පූසියට උපත් පාලන සැත්කමක් කළ යුතු බවය. ඒ සඳහා ඇය පූසාද කැටුව ප්‍රදේශයේ පශු වෛද්‍ය කාර්යාලයට ගියේ ත්‍රිරෝද රථයකිනි. පශු වෛද්‍යවරයාද උපත් පාලන සැත්කමකට සුදානම් විය.

සැත්කම කිරීමට පෙර පූසියට සිහි මුරුජා කිරීමට වෛද්‍යවරයා එන්නතක් ලබා දුන්නේය. පූසි සිහි මුර්ජා විණි. අනතුරුව වෛද්‍යවරයා උපත් පාලන සැත්කමට සූදානම් වෙද්දී වෛද්‍යවරයා පූසි අයිතිකාර ගුරුවරියගේ මුහුණ දෙස  බලා බිම බලා ගත්තේය. ඌ පූසියක් නොව පූසෙකු බව පශු වෛද්‍යවරයා පැවැසුවේය.

කර කියාගත දෙයක් නොමැතිව පූසා අයිතිකාර ගුරුවරියට මෙන්ම පශු වෛද්‍යවරයාට පැය කීපයක් රැඳී සිටීමට සිදුවූයේ පූසාට යළි සිහිය එනතුරුය.

-lankadeepa


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka