gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ටියුෂන් පංතියේදී සිසුවියකට පහරක්

පුද්ගලික උපකාරක පන්තියකදී පාසල් සිසුවියකට පහර දීමක් සිදු කළ බව කියන 23 හැවිරිදි ස්වේච්ඡා පාසල් ගුරුවරියක්ව හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් 29 වැනිදා පහර දීම සිදු කර ඇති අතර,පොලිසියට ලද පැමිණිල්ලෙන් අනතුරුව ඊයේ (01 දා) මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

පහර කෑමට ලක්ව ඇත්තේ හලාවත - වට්ටක්කල්ලිය
ප්‍රදේශයේ පදිංචි 11 හැවිරිදි පාසල් සිසුවියකි.ඇය හලාවත නගරයේ පිහිටි බාලිකා විද්‍යාලයක 06 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.

අත්අඩංගුවට ගෙන ඇති ගුරුවරිය හලාවත නගරයේ පිහිටි පාසලක ස්වේච්ඡා ගුරු සේවයේ යෙදෙන අතර ඇය හලාවත - වට්ටක්කල්ලිය ප්‍රදේශයේ නිවසක පුද්ගලික පන්තියක් පවත්වා ගෙන ගොස් ඇත.පහර කෑමට ලක්ව ඇති දැරිවියද එම පුද්ගලික පන්තියට පැමිණි අයෙකු බව පොලිසිය කියයි.

මෙම පහර දීමෙන් අනතුරුව30 වැනිදා පහර කෑමට ලක්වූ දැරිය ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත. පසුව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කුරුණෑගල ශීක්ෂණ රෝහලට මාරු කර යැවීමට හලාවත මහා රෝහලේ වෛද්‍යවරුන් කටයුතු කර තිබේ.

අනතුරුව දැරියගේ පියා විසින් මේ බව හලාවත පොලිසියට පැමිණිලි කර ඇත. එහිදී අත්අඩංගුවට පත් ගුරුවරිය හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
හලාත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 ජුඩ් සමන්ත - පුත්තලම

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka