gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉන්ධන පිරවුම්හළක මුදල් ‍කොල්ලයක්

වවුනියාව,ඉරට්ටපෙරියකුලම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඉන්ධන පිරවුම්හලක මුදල් බැංකුවේ තැන්පත් කිරීමට ඊයේ (01) සවස රැගෙන යන අවස්ථාවේ කිසියම් කණ්ඩායමක් අදාළ මුදල් සොරාගෙන ගොස් ඇති බව වවුනියාව පොලිසිය පවසයි.

‍ඉන්ධන පිරවුම්හළක සේවකයෙකු විසින් මෙසේ රුපියල් ලක්ෂක දහයක මුදලක් රැගෙන යන අවස්ථාවේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු
විසින් අදාළ සේවකයාගෙන් මුදල් පැහැරගෙන ගොස් ඇත.

වවුනියාව නුවර මාර්ගයේ වවුනියාව තේක්කවත්ත ප්‍රදේශය ආසන්න ප්‍රදේශයේදී අදාළ මුදල් පැහැරගැනීම සිදුකොට ඇති බවද පොලිසිය පැවසීය. මුදල් පැහැරගත් පිරිස අතුරුමාර්ග ඔස්සේ පළාගොස් ඇති බව පොලිසිය අනාවරණය කොටගෙන ඇත.

මුදල් සොරාගත් පිරිස අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවන අතර,සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

මාධව කුලසූරිය- වවුනියාව

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka