gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ක්‍රිකට් මූල්‍ය ලොක්කාට බැංකු ගිණුම් 18ක් : දුරකථන 07 ක්

අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මූල්‍ය නිලධාරි පියල් නන්දන දිසානායක මහතාට විවිධ බැංකුවල ගිණුම් 18ක් ඇති බව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරනු ලබන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගෙන ඇතැයි වාර්තා වේ.

එසේම ඔහුගේ බිරිය හා ඔහු විසින් ජංගම දුරකථන 07ක් පරිහරණය කර ඇති බවත් අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තු පරීක්ෂණවලින් හෙළිව ඇතැයි පැවසේ.

මේවන විට අදාළ දුරකථනවලින් ඇමතුම් ලබාගෙන ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් සෝදිසි කරමින් සිටින බවද වාර්තා වේ.

කෙසේවුවද, මේ වංචාව සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රිකට් ප්‍රබලයින් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවද පැවසේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka