gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

5 නෑ 16 කිව්වට පාර්ලිමේන්තුව ඊට කලින් රැස් කරන ලකුණු

පාර්ලිමේන්තුවේ මහින්දගේ හෝ රනිල්ගේ බහුතරය මත අගමැති ධූරය සම්පූරණ වශයෙන් පිළිගැනීමට අවශ්‍ය බවට දේශපාලන කථාබහක් මතුව ඇති බැවින් මේ වනවිට පාර්ලිමේන්තුව රැස්කරන දිනය ගැන රටේම අවධානයක් යොමුව පවතී.
ජනපතිවරයා නව සැසිය ආරම්භ කරන දිනය ලෙස ලබන 16 වැනිදා දක්වා නම් කර තිබෙයි.

කෙසේ වෙතත් ඊයේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා විද්වතුන් සමග සාකච්ඡාවකදී වැරදීමකින් මෙන් 5 වනදා කැඳවනු ඇති බවට ඉඟි කළ අතර මෙම
ආරංචියද ළැව්ගින්නක්  ලෙස මාධ්‍ය තුළ ප්‍රචාරය විය. එම ඉඟිය ගැන දේශපාලන ආරංචි වැඩිදුර සොයා බැලීමේදී මහින්ද කියූ ලෙසම 16 ට පෙර පාර්ලිමේන්තුව කැඳවීමේ සූදානමක් ඇති බව වාර්තාවේ.

අයවැය ලේඛනය වෙනුවට ඉදිරිපත් කිරීමට නියමිත අතුරු සම්මත ගිණුමේ කටයුතු අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මේ චනවිට සකස් කෙරෙමින් පවතින අතර එය අවසන්වූ වහාම පාර්ලිමේන්තුව කැඳවනු ඇතැයි එම ආරංචිමාර්ග කියයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවේ පක්ෂ නායකයින්ගේ සහභාගිත්වයෙන් ඊයේ(01) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී පාර්ලිමේන්තුච සැසිවාරය කලින් කැඳවීම සම්බන්ධයෙන් සාකච්ඡාවී ඇත. මෙම
පාර්ලිමේන්තුව ලබන 16 වැනිදාට පෙර කැඳවීමට තමා අපේක්ෂා කරන බව ජනාධිපතිවරයාද එහිදී පක්ෂ නායකයින්ට දැනුම්දී ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් ඊයේ පැවති විද්වත් හමුවේදී මහින්ද රාජපක්ෂ ඉඟි කර තිබුනේ පාර්ලිමේන්තුවේදී අගමැති කවුදැයි ඡන්දයක් නොව තමන්ගේ අයවැය පිළිබඳ ඡන්දයක් එන අවස්ථාවේ එජාපයට අවශ්‍ය නම් එය 113 කින් පරාජය කර මහමැතිවරණයකට යනු ඇති බවත් එයද තමාට ජයග්‍රහණයක් බවත්ය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka