gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොටස් වෙළෙඳපොළේ වර්ධනයක්

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකය ඊයේ (01 වැනිදා) වාර්තාගත ලෙස වර්ධනය විය.

මේ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තනි දිනක් තුළ එස්. ඇන්ඞ් පී. ශ‍්‍රී ලංකා 20 දර්ශකයේ විශාලම වර්ධනය ඊයේ වාර්තා වූ අතර සියලූ කොටස් මිල දර්ශකයේ අගය ද ඒකක 6000 ඉක්මවා ගියේය.

මේ අනුව කොළඹ කොටස්‌ වෙළෙඳපොළ ඉතිහාසයේ තනි දිනක්‌ තුළ එස්‌. ඇන්ඩ් පී. ශ්‍රී ලංකා
20 දර්ශකයේ විශාලම වර්ධනය ඊයේ වාර්තා වූ අතර සියලු කොටස්‌ මිල දර්ශකයේ අගය ද ඒකක 6000 ඉක්‌මවා ගියේය.

එස්‌. ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය ඊයේ දිනය අවසානයේ ඒකක 3,221.07 ක්‌ ලෙසින් සටහන් වූ අතර, එය පෙර දිනයට වඩා ඒකක 136.99 ක ඉහළ යැමක්‌ වේ. එසේම මෙය ප්‍රතිශතයක්‌ ලෙස 4.44% ක ඉහළ යැමකි. ප්‍රතිශතාත්මකව ගත් කල මෙය, මෙතෙක්‌ ඉතිහාසයේ තනි දිනක්‌ තුළ එස්‌. ඇන්ඩ් පී ශ්‍රී ලංකා දර්ශකයේ සිදු වූ විශාලතම වැඩිවීම ලෙස ද වාර්තා වේ.

කොළඹ කොටස්‌ වෙළෙඳපොළ සමස්‌ත මිල දර්ශකය ඊයේ ඒකක 6000 සීමාව ඉක්‌මවා යමින් ඒකක 6114.13 දක්‌වා වර්ධනය විය. එය ඊට පෙර දින ඒකක 5,953.47 ක්‌ වූ අතර මේ අනුව ඊයේ දිනයේදී පමණක්‌ කොටස්‌ වෙළෙඳපොළ සමස්‌ත මිල දර්ශකය ඒකක 160.66 කින් වාර්තාගත ලෙස ඉහළ ගොස්‌ ඇත.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka