gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගස් හිමියාගේ උත්තරෙන් ලී මුදලාලි හොල්මන් වෙලා

අලුත් අවුරුද්ද සමරන්නට යහමින් මුදල් සොයාගැනීමට සිතූ වැඩට පළට කම්මැලි අයකු තම නිවෙස ඉදිරිපිට ඇති තේක්ක ගස විකුණා දැමියයුතුයැයි සිතා කිහිපදෙනෙකුටම පණිවුඩ යැවීය. පණිවුඩ කනවැටුණ බොහෝදෙනෙකු ගස බලන්නට පැමිණියේ සාමාන්‍ය මිලට අඩුවෙන් ගසේ වටිනාකම තීන්දු කළ නිසාය.

කෙසේ වෙතත් ප්‍රසිද්ධ ලී මුදලාලි කෙනෙකු පැමිණ ගස බැලූ සැනින් එහි වටිනාකම හිමිකරුට ලබාදී ඒ මුදලින් අවුරුදු අවශ්‍යතා ඉටුකරග න්නා ලෙසත්
අවුරුද්දෙන් පසුව ලී මුදලාලි පැමිණ ගස කපාගෙන යන බවත් කියා පිටත්ව ගොස් තිබිණ.

අවුරුදු හිසතෙල්ගෑමේ නැකත පසුවෙත්ම ලී මුදලාලි ගස කපාග න්නට වාහනයකින් පිරිසක් යවා ඇතත් නිවෙසෙහි හිමිකරු පෙන්වා ඇත්තේ නොමේරූ ගසකි. එහිදී ලී මුදලාලි කැඳවන්නට කටයුතු කළ ගස්කපන්නන් මුදලාලිටද එම නොමේරූ ගස පෙන්වීමෙන් පසු මුදලාලිට තරු විසිවිය.

මොකක්ද මනුස්සයෝ මේ වැඬේ තේරුම මම ගෙවපු ගහ කපාගන ගිහිල්ලනෙ මේක තවම පැළයක්නෙ...... යැයි ගෙහිමියාට දෝෂාරෝපණය කරන්නට විය. එය ගානකටවත් නොගත් ගෙහිමියා අම්මෝ මුදලාලි බඩුවල ගණන්..... මුදලාලිගෙ සල්ලිවලින් ළමයි තුන්දෙනාටයි අපේ එක්කෙනාටයි රෙදි අරගෙන කැවුම් උයන්න බඩුඅරගන බලනකොට සල්ලි ඉවරයි.

ඊට පස්සෙ අර පණිවුඬේ ආරංචිවෙලා ආව පල්ලෙහා මෝලෙ මුදලාලි ඒ ගානටම ගහ එවලෙම අරගෙන ගියා. ඒ සල්ලි වලින් තමයි ඉතින් අම්මලාට ඇඳුම් අරගෙන ඉතිරි වැඩ කරගත්තෙ...... මුදලාලිට ඕනනම් මේ පැළේ තව අවුරුදු 10කින් විතර කපාගන්ට යැයි ඔහු කීය.

- lankadeepa

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka