gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනපතිගේ ඉල්ලීමට ජවිපෙන් නොසිතූ පිළිතුරක්

ජනාධිපතිවරයා සිදුකර ඇති කැඳවීමට අනුව සිදුවන හමුවට සිය පක්ෂය සහභාගී නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

මේ බව සඳහන් කර ඇත්තේ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක විසින්.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂ වෙත ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයා කැඳවීමක් සිදු කළා.

ඒ පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත යි.

විශේෂ සාකච්ඡාවක් සඳහා මෙලෙස කැඳවීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තුව තුළ යහපත් ලෙස කටයුතු සිදුකරගෙන යාම සඳහා එකඟතාවක් ඇතිකර ගැනීම මෙහි අරමුණ බව සඳහන්.

මේ සඳහා කතානායක කරූ ජයසූරිය හට ද ආරාධනා කර තිබෙනවා.

ඒ අනුව අද පස්වරු 5.00ට පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී මෙම හමුව පැවැත්වෙනු ඇති.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka