gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

චන්ද්‍රිකා මෝදිව හමුවෙයි !

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් අද (17) මාලදිවයිනේ මාලේ හිදී සිදුව තිබේ.

ඒ මාලදිවයින් ජනාධිපතිවරණයෙන් ජය ලැබූ ඊබ්‍රහිම් මොහොමඩ් සෝලී (Ibrahim Mohamed Solih) මහතාගේ දිවුරුම්දීමේ උත්සවයේදීය.

එහිදී මෝදි මහතා හිටපු ජනපතිනිය සමඟ ලංකාවේ වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් විස්තර විමසා ඇති බව මාලදිවයින් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එම උත්සවයේදී හිටපු ජනපතිනියට අසුන් පනවා තිබුණේ පළමු පේළියේය.

එහි ඇගේ ආසන්නම පුටුවේ සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී මග යමින් මාලදිවයින් වැසියන් සිය මනාපයෙන් පත් කර ගත් පළමු ජනාධිපතිවරයා වන මොහොමඩ් නෂීඩ් මහතා වන අතර ඊට අල්ලපු පුටුවේ සිටියේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාය.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව නියෝජනය කරමින් විදේශකටයුතු අමාත්‍ය සරත් අමුණුගම මහතා මේ උත්සවයට සහභාගිවී ඇති අතර ඔහු සමඟ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා මේ සඳහා එක්ව තිබේ.

මේ අතර, පෞද්ගලික ආරාධනයක් මත පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද මේ උත්සවයට එක්ව ඇත.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka