gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හොරු දැක්කාම සිනා ගිහිල්ලා

නිවසකට රැගෙන ආ බඩු මල්ලක් රිළවුන් විසින් රැගෙනයනු ලැබීමේ පුවතක් පුස්සැල්ලාව අටබාගේ ප්‍රදේශයෙන් වාර්තා විය.

අටබාගේ ප්‍රදේශයේ ජනතාවට රිළවුන්ගේ කරදර ඉතා තදින් පවතී. වත්තේ තේ දලු නෙළන කාන්තාවක වෙළඳ සලකින් සහල්, පිටි, සීනි, ඇතුළු රුපියල් හයදහස් අටසීයක් වටිනා ආහාරද්‍රව්‍ය නිවසට රැගෙන ගොස් ඇත. බඩු මල්ල නිවසේ කුස්සියේ තැබූ එම කාන්තාව හදිසි අවශ්‍යතාවක් මත තම දියණියගේ
නිවස වෙත ගොස් තිබේ.

ස්වල්ප වේලාවකට පසුව පැමිණි ඇයට බඩු මල්ල නොමැති බව දැනී දෙලොව රත්වී ඇත. එහෙත් එය ඇදගෙන ගොස් ඇති සලකුණු ඔස්සේ ගෙයි පිටුපසට යන විට මල්ලේ තිබූ සියලුම ආහාර ද්‍රව්‍ය ඇද දමා විනාශකර ඇති බව දැක ගැනීමට හැකිවී ඇත. බඩු මල්ලේ තිබූ පාන්පිටි ඇඟ පුරා තවරාගෙන අසල ගස උඩ සුදු පාටට සිටින රිළවුන් දැකීම නිසා ඇයගේ කෝපය හා සංවේගය මඳකට පහව ගොස් සිනහ පහළ වී තිබේ.

-lankadeepa


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka