gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කන කැසූ රියැදුරාට දඩ කොළයක් දෙන්න හදලා

මාතලේ සිට කොළඹ බලා ගමන් කළ බස් රථයකි. එහි රියැදුරා මැදිවියේය. ඉතා සංයමයෙන් රිය පැද වූ ඔහු මගීන්ගේ සිත් ගත්තේය. නිට්ටඹුව නගරය පසුකර යද්දී එහි ගොඩ වූ මගියකු මේ රියැදුරාගේ කල්ක්‍රියාව දෙස බලා සිටියේ සතුටු සිතිනි. වෙනත් කිසිදු රියකට අවහිර නොකර සාමාන්‍ය වේගයෙන් ඔහුගේ රිය පැදවීම මේ මගියාගේ විශේෂ අවධානයට ලක්වූයේය.

බසය යක්කල, මිරිස්වත්ත පසුකර මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල වංගුව පසු කළා පමණි.
පාරේ සිටි පොලිස් නිලධාරියෙක් බසය නවතන ලෙස සංඥා කරනු ලැබීය. රියැදුරා බසය නැවතුවේය. දැඩි කල්පනාවෙන් රියෙන් බසින අතරතුර ඔහු ගැන විමසිල්ලෙන් සිටි මගියාට පැවැසුවේ “අනේ මහත්තයෝ මම නම් කිසි වරදක් කළේ නැහැ. මොනවාට නතර කළා ද දන්නේ නැහැ” කියාය. පොලිසිය වීනිත රියැදුරන් තෝරන නිසා මේ රියැදුරුට ඒ සඳහා ත්‍යාගයක් ලබාදීමට බසය නවත්වන්න කියා ඇතැයි සිතූ මගියා “කමක් නැහැ ගිහින් බලලා එන්නැ”යි කීවේය.

ටික වේලාවක් ගත කළ රියැදුරා ආපසු ආවේ අවුල් වූ සිතින් යුතුවය. ඇයි? පෙරකී මගියා විමසීය. “අනේ බලන්නකෝ මම කෝල් එකක් ගත්තා කියලා දඩ කොළයක් දෙන්න හැදුවා. මා ළඟ දුරකතනයක් නැති බව වැඳලා කියලා මේ බේරිලා ආවේයි” රියැදුරා පැවැසීය. පොලිසිය නවත්තන්න ටිකකට ඉස්සෙල්ලා මම මගේ කන කැසුවා. මහත්තුරු ඒක දකින්න ඇති කී රියැදුරා බසය යළි පණගන්වා ගමනාන්තය කරා පිටත්වූයේ එතෙක් ආවාටත් වඩා කල්පනාකාරීවය.

- lankadeepa

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka