gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නුවර ටෙස්ට් තරගය කොළඹට විසිවෙයි ?

මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත සංචාරක එංගලන්ත පිල හා ශ්‍රී ලංකා පිල අතර තෙවැනි ටෙස්ට් තරගය කොළඹට ගෙනඒමට සිදුව ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායමට නවාතැන් පහසුකම් ලබා ගැනීමට මහනුවර හොඳ හෝටලයක් සූදානම් කර
ගැනීමට ක්‍රිකට් ආයතනයට නොහැකි වීම නිසාය.

මීට පෙර පැවැති තරගවලදී විදෙස් කණ්ඩායම් හා ශ්‍රී ලංකා කණ්ඩායම් නවාතැන් ගත් මහනුවර ප්‍රධාන හෝටලයකට එම අවස්ථාවල නවාතැන් ගැනීම වෙනුවෙන් ගෙවීමට ඇති හෝටල් ගාස්තු නොගෙවීම නිසා එම හෝටලය මෙවර ශ්‍රී ලංකා පිල වෙනුවෙන් හෝටල් කාමර වෙන් නොකිරීම නිසා මේ තත්ත්වය උදාවී ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා පිලට දඹුල්ලේ හෝටලයක් සූදානම් කිරීමට සැලැසුම් කර ඇතත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එතරම් දුරක සිට පැමිණ දින පහක තරගයට සහභාගිවීම ප්‍රතික්ෂේප කර තිබේ.

මේ අතර, විශය නොදන්නා අයකු ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස පත් කිරීම හේතුවෙන් අදාළ තත්ත්වයන් උද්ගතවෙමින් ඇතැයි ක්‍රීඩා විචාරකයෝ මැසිවිලි නගති.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka