gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ත්‍රිරෝද ගාස්තුව 5 කින් බස්සයි

මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද රථවල දෙවැනි කිලෝමීටරය රුපියල් පහකින් ඊයේ (31දා) මධ්‍යම රාත්‍රියේ සිට අඩුකළ බව ලංකා ස්‌වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඊයේ පැවැසීය.

 නව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කිරීම පිළිබඳව විශ්වාසය මත මෙම තීරණයට එළැඹි බවද හෙතෙම කීවේය.

 ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් සුනිල්
ජයවර්ධන මහතා මෙසේද කීවේය.

 පසුගිය රජය සමයේදී අගමැති මහින්ද රාජපක්‍ෂ මහත්තයා ත්‍රිරෝද රථ වෘත්තිකයන් වෙනුවෙන් සහන ලබාදුන්නා. ඔහු දැන් මුදල් අමාත්‍යාංශයේ වැඩ බාරගෙන මිල සූත්‍රයක්‌ අනවශ්‍ය බව ප්‍රකාශ කිරීම ගැන ලොකු විශ්වාසයක්‌ ඇතිවුණා.

 මේ නිසා ඉන්ධන මිල සූත්‍රය අහෝසි වෙනවා. ඒ වගේම ඉන්ධන සහනාධාරයක්‌ ලබාදෙයි කියලා විශ්වාසයක්‌ තියෙනවා. අපේ වෘත්තියේ ගැටලුවලටත් ඇහුම්කන් දෙයි කියා විශ්වාසයක්‌ තියෙනවා.

 යහපාලන රජයේ හිටපු මුදල් ඇමැතිවරයා හිතක්‌ පපුවක්‌ නැතිව ඉන්ධන මිල වැඩි කළා. ඔවුන් රටේ පොදු ජනතාව ගැන හිතුවේ නැහැ. අපි දැන් මගී ප්‍රවාහනය කිරීමේදී පළමු කිලෝමීටරය සඳහා රුපියල් 60 ක්‌, දෙවැනි කිලෝමීටරයේ සිට ඉන් රුපියල් පහක්‌ද ගාස්‌තු අඩුකර ධාවනය කරනවා.

- දිවයින

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka