gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහවිරු සතිය සැමරීමට තිබූ සූදානම ඉවතට

යාපනයේ වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ "මහවිරු සතිය" සැමරීම සඳහා පැරණි එල්.ටී.ටී.ඊ. සොහොන් බිමක්‌ සුද්ධ පවිත්‍ර කරමින් සිටි පිරිසක්‌ 30 දා සවස පොලිසිය විසින් එම ස්‌ථානයෙන් ඉවත් කොට තිබේ.

පළාතේ පිරිසක්‌ ලබන 27 වැනිදා මේ ස්‌ථානයේ "මහවිරු දිනය" සැමරීමට අවශ්‍ය කටයුතු යොදමින් ශ්‍රමදානයක්‌ කර තිබේ.

මේ අවස්‌ථාවේදී එම ඉඩම අයිතිකරු වැල්වැටිතුරේ
පොලිසියට පැමිණිලි කර ඇති අතර පොලිසිය ගොස්‌ ශ්‍රමදානයේ නිරතව සිටි පිරිසට කරුණු පැහැදිලි කොටදී ඔවුන් එම ස්‌ථානයෙන් ඉවත් කොට තිබේ.

ඉඩමේ අයිතිකරු ප්‍රකාශ කොට ඇත්තේ එල්. ටී. ටී. ඊ. සාමාජිකයන්ව සිටි කාලයේදී තමන්ට අයත් මේ ඉඩම ඔවුන්ගේ සුසාන භූමියක්‌ ලෙස ඔවුන් පරිහරණය කළ බවයි.

වරක්‌ ඊට තමන් අකැමති බව පැවසූ අවස්‌ථාවේදී පළාතේ ප්‍රාදේශීය එල්.ටී.ටී.ඊ නායකයා තමන්ට පහර දීමට සූදානම් වූ නිසා බියට පත්ව නිහඬව සිටි බව ඔහු කියා තිබේ. මේ වන විට එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් නොමැති නිසා තමන්ගේ ඉඩම ඔවුන්ගේ සමරු උත්සවය සඳහා ලබාදීමට නොහැකි බව ඔහු කියා සිටියි.

ඉඩමට අදාළ බලපත්‍රයද ඔහු විසින් ඉදිරිපත් කිරීම නිසා එම ඉඩමේ ශ්‍රමදානයක්‌ පවත්වමින් සිටි පිරිස එම ස්‌ථානයෙන් ඉවත්ව ගොස්‌ තිබේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka