gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තමාම අලවාගත් නාග හිස සහිත පච්චය නාද්දී දැක්ක කතක් මර හඬ දීලා

මැදිවියේ පසුවන දෙදරු මවකි. විනෝදයට බරය, දරුවා පාසල් ගොස් එද්දී චොකලට්ටුවක් ඉල්ලීය. ඒ සමග නාග හිසක රුව සහිත පච්චයක් තිබුණි. දරුවාට චොකලටය දුන් මව පච්චය ඇය ළග තබා ගත්තේ දරුවා එය පාවිච්චි කිරීම නොකළ යුතු දෙයක් බව දැනුණු නිසාවෙනි.

පසුදින නිවෙසේ කිසිවෙක්ද නැති මොහොතක ඇයට පච්චය මතක්වූවාය. එය ගෙන කලවයේ අලවා ගත්තේ කිසිවෙක් දුටුවොත් සමච්චලයට ලක් කරනු
ඇතැයි සිතුණු නිසාවෙනි. පසුව එය ගලවා ඉවත් කරන අදහස ඇයට තිබුණත් ගෙදර වැඩපල කරගෙන යද්දී ඒ වගක් නිනව්වක් නොවීය.

දරුවන් පාසල් ඇරී ආවේය. ඔවුන්ගේ කටයුතු කළ මෙම මව බලා සිටියේ වැඩ අවසන සැමියා නිවෙසට එනතුරුය. සැමියාට තේ කෝප්පයක්ද සාදා දුන් බිරිය නාන කාමරයට ගියේ පිරිසුදු වී එන අදහසිනි. ඇය ඇදුම් මාරු කරන්නට වූවාය. ඒ අතර පාදයේ නාග හිස දුටු ඇයට ඉබේම කෑගැසුණේ බියපත්වීම නිසාය. නාග හිස පච්චයක් බව ඇයට සිහිපත් වූයේ නැත. බිරියගේ මරහඬ නිසා කලබලවූ සැමියා ඇයට කිහිප විටක්ම කතා කළත් ප්‍රතිචාරයක් නැත.

අන්තිමේ දොර කඩන්නට සැමියා කටයුතු කළේ බිරිය කිසියම් කරදරයක වැටී ඇති බව දැනුණු බැවිනි.

“අනේ බලන්නකෝ මට වෙච්චදේ” ඇය සැමියාට සියල්ල පැවසුවේ වෙන කළ හැකි දෙයක් නැති නිසාය. සැමියා කට කොනකට සිනාවක් නගා ගනු දුටු බිරිය “කාටවත් කියන්න එපා”යැයි කන්නලව් කළාය. කෙසේ හෝ දැන් මේ සිද්ධිය හිතවතුන් අතරේ පැතිරී ගොසිනි. මෙම දෙදරු මව නිවෙසින් එළියටවත් නොබැස සිටින්නේ ලැජ්ජාව ඉහවහා ගොස් ඇති බැවිනි.

-.lankadeepa

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka