gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අගමැති මහින්දගෙන් අද විශේෂ ප්‍රකාශයක්

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (15) දිනයේදී පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව අමාත්‍ය වාසුදේව නානායක්කාර කියා සිටිනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ දැන් අගමැති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින්.

මේ අතර අද දිනයේදී පාර්ලිමේන්තුවේදී සිදුවූ කරුණු ඇතුලත්ව කතානායකවරයා විසින් ජනාධිපතිවරයාට යොමු කරනු ලැබූ ලිපිය මෛත්‍රිපාල සිරිසේන
ජනාධිපතිවරයා විසින් පිළිනොගත් බවද මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර ඊයේ දිනයේදී ආණ්ඩු පක්ෂයට බහුතර බලයක් නොමැති බව පවසමින් පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගත් විශ්වාසභංග යෝජනාව කිසිදු වලංගු භාවයක් නොමැති බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ එම යෝජනාව සම්මත කර ගනු ලැබූ අවස්ථාවේදී පාර්ලිමේන්තු සභා ගර්භයේ සෙංකොලය නොතිබූ බවත් ඒ හේතුවෙන් ඊයේ දිනයේ පැවති පාර්ලිමේන්තු සැසිවාරයේ කිසිදු වලංගු භාවයක් නැති බවයි.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka