gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මැරතන් ධාවකයන්ට උදව් කරන්න ගිහින් සරමත් නැතිවෙලා

අවුරුදු උළෙලක ගම හරහා දිවීමේ තරගයක තරගකරුවන්ට සහයට පැමිණි පුද්ගලයකුට තම සරමද අහිමිවීමේ පුවතක් කඳුරට ගම්මානයකින් වාර්තා විය.

සිද්ධිය මෙසේයි,

ගම්මානයේ තරුණ කැල සංවිධානය කළ එම අවුරුදු උළෙලේ ගම හරහා දිවීමේ තරඟයට ලැබී තිබූ
උණුසුම් ප්‍රතිචාරය නිසාම එයට බාල, තරුණ, මහලු වයස් බේදයකින් තොරව විශාල පිරිසක් සහභාගී වූහ.

නියමිත වේලාවට තරගය ඇරඹූ අතර ත්‍රිරෝද රථයක බැඳගත් ශබ්ද විකාශන යන්ත්‍රයකින් ඊට ලබා දුන් ප්‍රතිචාරය නිසාම ගමේ ලොකු කුඩා ගැහැනු පිරිමිද එය නැරඹීමට අමතක නොකළහ. මේ අතර තරගකරුවන්ට ධෛර්යයක් දීම පිණිස ගමේ සිටි මැදිවයසේ පුද්ගලයෙකු තම නිවස ඉදිරිපිට සිට තරගකරුවන්ට ජල ප්‍රහාර එල්ල කිරීමට සැලසුම්කොට තිබුණි.

කෙමෙන් කෙමෙන් තම නිවස ඉදිරිපිටින් තරගකරුවන් ගමන් කිරීම ඇරඹීමත් සමඟ බාල්දියකට පුරවාගත් ජලය ද ඇතැතිව ඔවුන් පසුපස ගොස් ජල ප්‍රහාර එල්ල කිරීමට ඔහු කටයුතු කළේය.

කෙසේ නමුත් සිදුවූයේ අනෙකකි. තම ස්වාමියාගේ හදිස්සි ක්‍රියාව තේරුම් නොගත් නිවසේ සිටි සුනඛයා තම ස්වාමියාට අනතුරක් වනු ඇතැයි සිතූ නිසාදෝ වහ වහා දිවමින් ඔහුගේ සරමේ එල්ලීම නිසා ඔහුට එම තරගකරුවන් සමඟ මඳ දුරක් උපන් ඇඳුමින්ම දිවගොස් ලඳු කැලෑවකට වැදීමට සිදුවූ බවට වැඩිදුරටත් වාර්තාවේ.

-lankadeepa



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka