gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පෙම්සුව විඳින්න ගෙදරට ගෙන්වාගත් අනියම් සැමියා දේපළ ගිනි තබා පැන ගිහින්

පෙම් සුව විඳීමට රාත්‍රියේදී නිවෙසට හොර රහසේ කැඳවාගෙන ආ අනියම් සැමියා ඇයගේ නිවෙසේ තිබූ දේපොළවලට ගිනි තබා පලා යාම හේතුවෙන් නිවෙසේ තනිව වාසය කළ 35 වියේ පසුවන කාන්තාවක් අසරණ තත්ත්වයට පත්ව ඇති පුවතක් පොල්පිතිගම පොලිසියෙන් වාර්තා වේ.
මෙලෙස ගිනිගෙන විනාශ වී ඇත්තේ විවාහක පදිංචිකාරියක සතු නිවෙසක් බව ද පොලිසිය සඳහන් කරයි.

ඇය විවාහ වී වෙන්ව සිටින අතර යාබද ප්‍රදේශයේ
පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන බවත් අනියම් සැමියාට තම නිවෙසට පැමිණෙන ලෙස ඇරියුම් කර ඇතත් ඒමට වාහනයක් නැතැයි කී තැන ඔහු කැඳවාගෙන ඒමට ඇය තමා සතු යතුරුපැදියෙන් ගොස් ඇති බවත්, ඒ අනුව දෙදෙනා නිවෙසේ වාසය කරමින් සිටින අතරවාරයේදී ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන්  අලුයම දෙකට පමණ ඔහු ඇය නිදා සිටි ඇඳෙහි මෙට්ටයට ගිනි තබා ඇති බවට සිද්ධිය සම්බන්ධව කළ විමර්ශනවලදී හෙළිවී ඇති බවත් පොලිසිය පැවැසීය.

ගිනි තැබීමෙන් ආරක්ෂාව පතා ඇය එළියට පැන ඇතත් ඇතුළත තිබූ අලි වෙඩිවලට ගිනි ගෙන පුපුරායාමෙන් ශීතකරණයක්, ඇඳ පුටු ඇතුළු රුපියල් පන්ලක්ෂයකට අධික දේපොළ විනාශ වූ බවට ඇය පැමිණිල්ලක් කර ඇතැයි ද පොලිසිය පැවැසීය.

කෙසේ වෙතත් පැතිරීමට ගිය ගින්න අසල්වාසීන්ගේ සහයෙන් මැඩපැවැත්වීම නිසා සිදුවීමට තිබූ හානිය අවම කර ගැනීමට හැකිවී තිබේ.

සිද්ධියෙන් පසු අනියම් සැමියා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ දියත් කර තිබේ.

-lankadeepa
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka