gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇඬීමේ තරගයෙන් පස්සේ බිඳුණ පෙම ආයෙත් ලියලලා

අවුරුදු උළෙලක ඇඬීමේ තරගයකදී පහළ වූ ගණදෙවි නුවණක් නිසා විරසක වූ ප්‍රේමයක් යළි ලියැලීමේ පුවතක් කටුගස්තොටට නුදුරු ගම්මානයකින් වාර්තා විය.

වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.

ඔහු ගරාජයක කාර්මික ශිල්පියකු ලෙසත්. ඇය වෙළඳසල් සහායිකාවක ලෙසත් සේවය කරන්නේ
කටුගස්තොට නගරාසන්න ආයතන දෙකකය.


දෙදෙනාට දෙදෙනා මුණ ගැසී ඇතිවූ හිතවත්කම පසුව අවංක ආදරයකට පෙරළුණේ පෙර ආත්ම ගණනාවක සිට පතාගෙන ආ පරිද්දෙනි.

 කෙසේ නමුත් එම ආදරයට ඇගේ මව්පියන් විරුද්ධ වූයේ ඔහු ගරාජ්කාරයකු වීම නිසාය. මේ තත්ත්වය මත ඇය ඇගේ මව්පියන්ගේ සිත් වෙනස්කර තම ආදරයට ආශිර්වාද ලබාගැනීමට කොතෙක් උත්සාහ කළද එය ව්‍යාර්ථ වූ තැන ඔහුගේත් ඇයගේත් අවංක ආදරය නවතා දැමීමට සිදු වූයේ තවදුරටත් ඇයට ඇයගේ මව්පියන්ගේ සිත් තැලීමට නොහැකිවූ නිසාය.

මේ අතර ඉකුත්දා පැවැති අවුරුදු උළෙලකට ඇය ඇගේ මව්පියන් සමඟ සිටින බව දුටු ඔහු එම අවුරුදු උළලේ ඇඬීමේ තරගයට ඉදිරිපත් වූයේ මේ අතරවාරයේය.

ඔහු ඔහුගේ ඇඬීමේ මාතෘකාව ලෙස “බිඳුනු ආදරය” තෝරාගත් අතර එහිදී ඔහු ඔහුගේ අවංකකම කියා පාමින් ඇගේ මව්පියන්ට පවා වෙනසක් නොකර තම මවට පියාට මෙන් සැලකීමට හැකි බව පවසමින් හඬා වැටුණේ ඇගේ මව්පියන්ට පමණක් නොව අවට රැස්ව සිටි සැමගේද නෙතඟට කඳුළු බිඳු එක්කරමිනි.

 කෙසේ නමුත් තරගය අවසානයේ ප්‍රථම ස්ථානය පමණක් නොව ඇගේ මව්පියන්ගේ ආශිර්වාදය ද ඔහුට ලැබීම නිසා ඇය සමඟ ඉක්මන් විවාහකට ඔහුට ඇරයුම් ලැබුණු බවද වැඩිදුරටත් වාර්තා විය.

- lankadeepa


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka