gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ක්‍රිකට් ආයතනයේ දූෂණ මර්දන ලොක්කාගේ වැඩ නවත්තලා !

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ මර්දන හා ආරක්ෂක කලමනාකරු (Anticorruption and Security Manager) අයේෂ් වීරක්කොඩි මහතාගේ සේවය අවසන් කිරීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.

ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ නියෝගයක් මත මෙය සිදු කර ඇති බව පැවසේ.

ඒ මහතාගේ වැඩ අවසන් කර ඇත්තේ එංගලන්ත
ක්‍රිකට් පිලේ සංචාරය ක්‍රියාත්මක වෙමින් පැවතින අවස්ථාවේදීවීම නිසා එය ක්‍රිකට් කේෂත්‍රයේ සැකයට හේතුවී තිබේ.

මෙසේ මොහුගේ වැඩ තහනම් කිරීම මේවන විට ක්‍රියාත්මක ක්‍රිකට් ආයතනයේ විශාලතම මූල්‍ය වංචාව වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විදේශ රූපවාහිනී ආයතනයකින් ලැබීමට නියමිත ඩොලර් මිලියන 5.5 ක මුදලක් වෙනත් ගිණුමකට බැර කිරීම සම්බන්ධ පරීක්ෂණ ද අඩපනවීමට හේතුවනු ඇති බවට ද සැක පළවී ඇත.

රහස් පොලිසිය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට පරීක්ෂණ පවත්වන අතර ඉදිරියේදී ප්‍රබල පුද්ගලයන් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ක්‍රිකට් ආයතනය හිදිස්සියේ ම වීරක්කොඩි මහතාගේ සේවය අවසන් කර ඇතත් මේවන විට තරඟපාවාදීම් හා මූල්‍ය වංචාවලට සම්බන්ධවී ඇති අය සම්බන්ධයෙන් කටයුතු කර ඇත්තේ ඔවුන්ගේ සේවය තාවකාලිකව අත්හිටුවිමට පියවර ගැනීමෙන් බවද මේ අතර වාර්තා වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka