gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දැවැන්ත ඇන්ටනොව්ට මත්තල හිතට වදියි

ලොව දෙවැනි විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන ඇන්ටනොව් ඒව් 124 ගුවන් යානය ඊයේ (05දා) පස්වරු 01.50ට මත්තල ගුවන්තොටුපොළතුළට ගොඩබස්වන ලදී. ඒ අනුව මෙම ගුවන්යානය මේ වසරේ පමණක් අට වතාවක් මත්තලට ගොඩබස්වා තිබේ.

පකිස්තානයේ කරච්චි ගුවන්තොටුපොළේ සිට ජකර්තා දක්වා යාත්‍රා කරමින් සිටින අතරතුර මෙම
ගුවන්යානය ඊයේ (05දා) මෙසේ මත්තලට ගොඩබස්වා තිබේ. මෙසේ මත්තල ගුවන්තොටුපොළ තුළ මෙම ගුවන්යානය ගොඩබැස්වීම සඳහා ඩොලර් 1568ක්ද නවතා තැබීම වෙනුවෙන් ඩොලර් 471ක් හා ශ්‍රී ලන්කන් සේවා කටයුතු වෙනුවෙන් ඩොලර් 3000ක මුදලක්ද ගුවන්තොටුපොළ වෙත ගෙවා තිබේ.

ගුවන්යානයට අවශ්‍ය ඉන්ධන ලබාගැනීම සඳහා රුපියල් ලක්ෂ අනූඅටකට සරිලන ඉන්ධන ලීටර් 83,586ක් ලබා තිබේ. එමෙන්ම අද (06දා) අලුයම 03ට නැවත ජකර්තා බලා මෙම ගුවන්යානය පිටත්විය.
.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka