gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රා තැබෑරුමේ ලංසුව කෝටි 4 පනී

බළන්ගොඩ රා තැබෑරුම 2019 වසරට පවත්වාගෙන යෑම සඳහා ටෙන්ඩර් භාර ගැනීම ඊයේ (05දා) දින බළන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුවිය.

මේ අවස්ථාවට බළන්ගොඩ වැඩ බලන ප්‍රාදේශීය ලේකම් භාග්‍ය බටුගෙදර, රත්නපුර සුරාබදු අධිකාරි තිස්ස ගුණරත්න, බළන්ගොඩ සුරාබදු ස්ථානාධිපති සේනක සිල්වා යන මහත්වරු සහභාගි වූහ.

ටෙන්ඩර්කරුවන් තිදෙනකු රා තැබෑරුම
පවත්වාගෙන යෑමට ටෙන්ඩර් දමා ඇති බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බළන්ගොඩ වැඩ බලන ප්‍රාදේශීය ලේකම් භාග්‍ය බටුගෙදර මහතා කියා සිටියේය.

එක් ටෙන්ඩර්කරුවකු රුපියල් කෝටි හතරකට වඩා වැඩි මුදලක් ලංසු දමා ඇති අතර එය රජයේ තක්සේරුවට සමාන නොවන නිසා සුරාබදු කොමසාරිස්වරයාගේ අවධානයට යොමු කිරීමට කටයුතු කරන බව ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කළේය. කෙසේ වෙතත් පසුගිය වසරේ බළන්ගොඩ රා තැබෑරුම රුපියල් හාරකෝටි අසූපන් ලක්ෂයකට වඩා වැඩි මුදලකට ටෙන්ඩර් වූ බව වැඩ බලන ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කළේය.

මේ අතර බළන්ගොඩ පින්නවල රා තැබෑරුමද පසුගියදා ටෙන්ඩර් කළ අතර එයද රජයේ තක්සේරුවට සමාන නොවූ නිසා සුරාබදු කොමසාරිස්වරයාගේ අවධානයට යොමු කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka