gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දඩය ගෙවා ගත නොහැකිව සිරගත වූ අයෙක් මිය යයි

නීති විරෝධී මත්පැන් ළඟ තබා ගැනීමේ සිද්ධියකට අදාළව නියම වූ දඩය ගෙවාගත නොහැකිව මාස දෙකකට සිරගෙට නියම වූ අයකු කළුතර බන්ධනාගාරයේ රඳවා සිටියදී අසනීප වී කළුතර _ නාගොඩ මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ දර්ගා නගරයේ පදිංචිකරුවකු වූ සී. සමරමාන්න නම් අයෙකි.

වැලිපැන්න පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන
මතුගම මහෙස්ත්‍රාත් අධික රණයට ඉදිරිපත් කළ මොහුට 2018 සැප්තැම්බර් මස 18 වැනි දින රුපියල් 8,000ක දඩයක් නියම වූ අතර එම දඩය ගෙවා ගැනීමට නොහැකිවීම නිසා මාස දෙකක සිරදඬුවමක් නියම වී තිබිණි.

බන්ධනාගාරය තුළදී ඔහු හදිසියේ අසනීප වීම නිසා කළුතර, නාගොඩ මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව පෙරේදා (04දා) ඔහු මියගොස් ඇත.

කළුතර වැඩ බලන මහෙස්ත්‍රාත් සිරි පෙරේරා මහතා මළසිරුර නිරීක්ෂණය කර පශ්චාත් වෛද්‍ය පරීක්ෂණයක් පවත්වා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කළුතර, නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියම කළේය.

උතුරු කළුතර පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka