පාර්ලිමේන්තුව යළි කැඳවීම ගැන පොදු රඳ මඩුල්ලේ අවධානයට

ශ්‍රී ලංකාවේ මතුව ඇති දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුව හැකි ඉක්මනින් මුණ ගැසෙනු ඇතැයි තම බලාලොරොතුව බව පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය  පිළිබඳව පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම්
කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

එසේම නොවැම්බර් 14 දා පාර්ලිමේන්තුව කැඳවීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම්වරියගේ අවධානයට යොමුව ඇති බවත් එම නිවේදනයේ දැක්වෙයි.

ශ්‍රී ලංකාවේ නීතියත්, ව්‍යවස්ථාවත් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් දේශපාලන පක්ෂ අතරත් ජනතාව අතරත් පුළුල් සාකච්ඡාවක් සඳහා උනන්දු කරන බවත් එම නිවේදනයේ දැක්වෙයි.

එසේම ශ්‍රී ලංකා රජයට හා ජනතාවට සහායක් අවශ්‍ය නම් ඒ සඳහා ජාත්‍යන්තර ප්‍රජාවත් සමග එක්ව සහාය දක්වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.




gossip lanka