gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාර්ලිමේන්තු වේත්‍රධාරී කතානායකගේ මතය ප්‍රතික්ෂේප කරයි

තමන් සහ නිලධාරීන් පාර්ලිමේන්තුවේ කටයුතු කරන්නේ ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව බව පාර්ලිමේන්තුවේ ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා 'මව්බිම' පුවත්පතට ප්‍රකාශකර ඇත.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ නව අගමැතිවරයාටත් නව අමාත්‍ය මණ්ඩලය ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන්ටත් අසුන් පැනවීම සිදුකරන බවත්
හෙතෙම කියා සිටියි.

රජයේ නිලධාරීන් හැටියට තමන් ඇතුළු නිලධාරීන්ට කටයුතු කිරීමට සිදුවන්නේ ගැසට් නිවේදනයට අනුව බවත් මේ අවස්ථාවේ තමාගේ උපදෙස් පැතීමට අවශ්‍ය නැතැයි කථානායකවරයා දැනුම් දී ඇතැයිද පවතින තත්ත්වය පිළිබඳව අප කළ විමසීමකදී ප්‍රධාන වේත්‍රධාරිවරයා කියා සිටියේය.

ඒ අනුව නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දී අවසන් වූ වහාම ඔවුන්ට හිමි අසුන් පැනවීම සිදුකරන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

කතානායක පෙර පැවැති තත්වය පිළිගැනීම:

පාර්ලිමේන්තුව වහා කැඳවා එහි අනුමැතිය ලබාගන්නා ලෙස මන්ත්‍රිවරු 116 දෙනකු ඉදිරිපත් කළ ඉල්ලීම සාධාරණ බව සිය හැඟීම යැයි නිවේදනයක් නිකුත්කරමින් කියා සිටි කතානායක කරු ජයසුරිය මහතා, පාර්ලිමේන්තුවේ ඇතිකළ වෙනස්වීම් සියල්ල ව්‍යවස්ථා විරෝධීව සහ සාම්ප්‍රදාය විරෝධීව සිදුකර ඇති බව බහුතරයේ අදහස වන බැවින් මෙම වෙනස්වීම් වලට පෙර පැවති තත්වය පිළිගන්නා ලෙස පාර්ලිමේන්තුවේ බහුතරය ඉල්ලා ඇති ‍හෙයින් ඔවුනට හා නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවැති තත්වය පිළිගැනීමට මා හට සිදුවන බව අවධාරණය කර තිබිණ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka