gossip lanka

දේශපාලන අර්බුදය මැද ඩොලරය රුපියල් 178ත් පන්නයි !

අද (15) දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 178 සීමාව ද ඉක්මවා ගොස් තිබේ. මෙය මෙතෙක් ඉතිහාසයේ ඇමරිකානු ඩොලරයක් සඳහා ගෙවීමට සිදුවූ ඉහළම රුපියල් අගය වේ.

 ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද දිනයේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 174.1760ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 178.1073ක් ලෙසත් සටහන් විය.

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන අර්බුදය උද්ගත වූ
ඔක්තෝබර් 26 වනදා වන විට ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල පැවතියේ 174.4421ක් ලෙසය.

gossip lanka