පාර්ලිමේන්තුව කැඳවන ලෙස සඟ ආඥාවක්

රට තුළ ඇති වී තිබෙන තත්ත්වය ධර්ම සංවේගයට හේතු වී තිබෙන නිසා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙසට සංඝ ආඥාවක් නිකුත් කළ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සමාලෝචක ආචාර්ය පූජ්‍ය කරකොළේ පියදස්සී හිමියෝ අවධාරණය කළහ.

කොළඹ 07, නව නගර ශාලාවට රැස්වී ත්‍රෛනිකායික මහා සංඝරත්නය විසින් සංඝ සම්මුති කොට සිය විධානය ලබාදෙන බවද උන්වහන්සේ සඳහන් කර
සිටියහ.

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්නැයි කියමින් ඊයේ(06දා) නව නගර ශාලාවේදී සඟ සමුළුවක් පැවැත්වුණු අතර, එහිදී උන්වහන්සේ මේ බව පවසා සිටියහ.


gossip lanka