gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්දගේ උපදේශකයන් යළිත් එක්වෙලා

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී වටේ සිටි උපදේශකයන් යළිත් එක්වී තිබෙන බව  ‘සිහල රාවය’ සංවිධානයේ  මහලේකම් මාගල්කන්දේ සුදත්ත හිමියෝ ඊයේ(06දා) පැවසූහ.

බොදුබල සේනා සංවිධානයේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ හිමියෝ මේ බව කියා සිටියහ.

රටට නොගැළපෙන එම උපදේශකයන් නිසා පසුගිය වර මහින්ද රාජපක්ෂ මහතාට පාලන කාලය වසර  දෙකක් තිබියදී දමා යෑමට සිදුවූ බවත්,
ජනාධිපතිවරයාව සිටි කාලයේ සිදුකළ වැරදි යළිත් සිදුනොවීමට රාජපක්ෂ මහතා වගබලාගත යුතු බවත් උන්වහන්සේ සඳහන් කළහ.

පැරණි උපදේශකයන් ළං කර ගැනීම මහින්ද රාජපක්ෂ මහතාගේ පිරිහීමට හේතුවක් වනු ඇති බවද මාගල්කන්දේ සුදත්ත හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka