gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මැතිසබේ ගැටුම ගැන 6 කගෙන් ප්‍රකාශ ගනී

පාර්ලිමේන්තුවේ ඇතිවූ කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් මේ වන විට 6 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පොලිසිය කියයි.

ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා නිලධාරීන් වන බවද ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීයෙක්‌ කීය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස්‌
කණ්‌ඩායමක්‌ විසින් විමර්ශන සිදුකරන බව ද හෙතෙම පැවැසීය.

පසුගිය සිකුරාදා පාර්ලිමේන්තු සභා ගර්භයේ ඇතිවූ කලහකාරී සිදුවීමත් සමග තුවාල ලැබූ පොලිස්‌ නිලධාරීන්ගේ වෛද්‍ය වාර්තා ලබා ගැනීමට පියවර ගෙන තිබේ. ඒ අනුව දැනට පොලිස්‌ නිලධාරීන් පස්‌ දෙනකුගේ පමණ වෛද්‍ය වාර්තා ලබාගෙන ඇතැයිද පාර්ලිමේන්තුවේ ඇතිවූ මෙම කලහකාරී සිද්ධිය හේතුවෙන් පොලිස්‌ නිලධාරීහු 12 දෙනෙක්‌ සුළු තුවාල ලබා ඇතැයිද හෙතෙම කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වෛද්‍ය වාර්තා ලබා ගැනීම ඇතුළු ඉදිරි විමර්ශන සඳහා කථානායක කරු ජයසූරිය මහතාගේ අවසරය ලබා ගැනීමට පියවර ගන්නා බවද එම නිලධාරියා කීය.

පාර්ලිමේන්තු සභා ගර්භයට තියුණු ආයුධ රැගෙන ඒම සම්බන්ධයෙන්ද විශේෂ විමර්ශනයක්‌ අරඹා ඇති අතර පාර්ලිමේන්තුවේ සවිකර ඇති ආරක්‍ෂිත කැමරා දර්ශන උපයෝගී කර ගනිමින් එම විමර්ශන සිදුකෙරේ.

- දිවයින


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka