gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පළාත් සභා ඡන්දය මනාප ක‍්‍රමයට

ඉදිරි පළාත් සභා මැතිවරණය මනාප ක‍්‍රමයට පැවැත්වීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

කොට්ඨාස නිර්ණය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය සීමා නිර්ණය කටයුතු මෙතෙක් අවසන් නොවීම නිසා මෙවර පළාත් සභා මැතිවරණය පමණක් මනාප ක‍්‍රමයට පැවැත්වීමට තීරණය වී තිබේ.

මනාප ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමේදී කාන්තා නියෝජනය සියයට 25 ක්‌ අනිවාර්ය වන සේ නීති කෙටුම්පත් කිරීමට පළාත් සභා පළාත්
පාලන ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට්‌ අනුමැතිය හිමිවී තිබේ.

පළාත් සභා නවයෙන් (9) මේ වන විට පළාත් සභා හයක (06) නිල කාලය අවසන් වී ඇති නිසා කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජයේ අවධානය යොමු වී තිබේ.

පළාත් සභා මැතිවරණය මනාප ක්‍රමයට පැවැත්වීමට එක්‌සත් ජාතික පක්‍ෂය ඇතුළු පක්‍ෂ ගණනාවක්‌ කැමැත්ත ප්‍රකාශ කර තිබුණත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ කොට්‌ඨාස ක්‍රමයට මැතිවරණය පැවැත්විය යුතු බවට මීට පෙර යෝජනා කර තිබිණි.

චමින්ද සිල්වා

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka