gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මනුෂගෙන් අනාවරණයක්

පාර්ලිමේන්තුව තුල බහුතරය හදා ගැනිමට නොහැකි බංකොලොත් කණ්ඩායම්  ඩොලර් මිලියන 03, ලක්ෂ දසදහසේ මුදල් කුට්ටි  මන්ත්‍රිවරුන්ට ලබාදි මේ දින දෙක තුල පාර්ලිමේන්තුවේ  බහුතරය හදාගැනිමට  උත්සාහ දරමින් සිටින බවට  තොරතුරු ලැබි  තිබෙනවා  යැයි හිටපු  නියෝජ්‍ය  අමාත්‍ය හා පාර්ලිමෙන්තු මන්ත්‍රි මනුෂ නානායක්කාර මහතා පවසයි.

 අක්මිමන වංචාවල ප්‍රදේශයේ පිහිටි  මන්ත්‍රිවරයාගේ  නිවසේ  ඊයේ  දහවල් පැවති මාධ්‍ය හමුවකදි
මන්ත්‍රිවරයා මේ බව සදහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

අලුත්ම ආරංචිය. නැවත මුදල් සුදුව ආරම්භ කරලා තියෙනවා.  බංකොලොත් කණ්ඩායම් ඩොලර් මිලියන 03කට ලක්ෂ දහදහසේ  මුදල් කුට්ටි ලබා  දිලා  මේ දින දෙක ඇතුලත තමන්ගේ 113 හදාගන්න  උත්සාහ කරන බවට තොරතුරු ලැබිලා තියෙනවා.. පසුගිය දිනවල අලුතෙන් හදපු  ආණ්ඩුවට එකතුවෙලා නැවත එජාපයට ආපු  මන්ත්‍රිවරුන්ට බලපැම්කරලා  ඒ අය උස්සාගෙන යාමට උත්සාහ කරපු අවස්ථාවන්  අපට ආරංචි වෙනවා. මුදල් දිලා මන්ත්‍රිවරුන් බා ගන්නයි. මේ උත්සාහ කරන්නේ. එජාපයට හා  අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයාට  පාර්ලිමේන්තුවේ 113ක් තියෙනවා. එතුමාට මුදල් දිලා මන්ත්‍රිවරු ගන්න අවශ්‍ය නැහැ. අපට 122ක් මන්ත්‍රිවරු ඉන්නවා. එතුමා ශක්තිමත් අපි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තමයි මේ තින්දුව අරගෙන තියෙන්නේ.  මන්ත්‍රිවරු 113ක් නැති බංකොලොත් කණ්ඩායම එක එක නායකයින්ගේ පුත්තු මැදිහත්වෙලා  ගොලයින් මැදිහත්වෙලා  මුදල් ලබාදි මන්ත්‍රිවරු බිලා බා ගැනිම ආරම්භ කොට තියෙනවා.

අගමැතිකම දෙන්න ඕන බහුතරය තියෙන පක්ෂයට. බහුතරය නැති කෙනෙකුට  දෙන්න විදියක් නැහැ. ජනාධිපතිවරයාට සදාචාරත්මක අයිතියක් නැහැ කාටවත් දෙන්නේ නැහැ කියලා කියන්න. ඉදිරි මැතිවරණයට යද්දි එජාපය පුමුඛ නව සන්ධානය  අලුත් ගමනක් අලුත් විදියට යාවි. ඒ ගැන පක්ෂය තිරණය කරාවි. විවිධ අදහස් යෝජනා තියෙනවා අගමැති අපේක්ෂකයා කවුද කියලා.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්කරන්න කියලා එක්සත් ජාතික පෙරමුණේ සියලු මන්ත්‍රිවරු දිවුරුම් ප්‍රකාශ ලබාදිලා තියෙනවා ඊට අමතරව  දෙමල ජාතික සන්ධානය අද පස්වරුවේ දි තමන්ගේ මතයක් එක්ක මුණගැසිමට නියමිතයි.113ක් දෙනාට වැඩි  මන්ත්‍රි සංඛ්‍යාවක්   රනිල් වික්‍රමසිංහ මහත්තයාට  අගමැතිකම දෙන්න කියලා දිවුරුම් ප්‍රකාශ ලබාදිමට සුදානමින් ඉන්නවා   යැයිද මන්ත්‍රිවරයා කිවේය.





gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka