gossip lanka

ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ නිෂ්පාදන කටයුතු යළිත්


"සමස්ත ජාතියට මහත් සේවාවක් සැපයූ ඇඹිලිපිටියේ කඩදාසි කම්හල වසා දමා වසර 10කට වැඩියි. දසවසරක් තිස්සේ සිත්වේදනා විඳිමින් මේ අවස්ථාවට එන්න අප හැමදෙනාම පෙරුම් පිරුවා" යැයි ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.

 ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කිරීම නිමිත්තෙන් පැවති ආගමික උත්සවයට
සහභාගි වෙමින් උන්වහන්සේ මේ බව පවසා සිටියහ.

එහිදී වැඩිදුටත් අසහස් දැක්වූ උන්වහන්සේ,

"ජාතිද්‍රෝහී, දේශද්‍රෝහී බලවේගවලට එරෙහිව කම්හලේ කාර්ය මණ්ඩලය සටන් කළා සේම කර්මාන්ත ඇමතිවරයා වාර කිහිපයක් කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කර මහත් වෙහෙසක් දරා දේශීය ව්‍යාපාරිකයෙකු වන අනුරුද්ධ අබේසේකර මහතාට මෙම කම්හල ලබා දුන්නා.

ජනාධිපතිවරයා ඇඹිලිපිටියට පැමිණි අව්සථාවේ අපි එතුමාට පවසා සිටියේ මේ පළාතට තියෙන එකම ප්‍රශ්නනය මේ කම්හල වසා දමා තිබීම කියලයි. එය අපිට යළි ගොඩ අරගෙන දෙන්න කියලා අපි එතුමාගෙන් ඉල්ලා සිටියා.  එම ඉල්ලීම්වල ප්‍රතිඵල තමයි අද අපිට ලැබී තියෙන්නේ.

අනුරුද්ධ මහත්මා මෙම වගකීම භාර ගත්තේ කාගෙවත් සාක්කුවලට, ගිණුම්වලට, කොමිස් මුදල් දාන්න නෙවෙයි. මේ ආයෝජකයා ලංකා ආණ්ඩුව ඇපයට තියලා මුදල් ගන්නේ නැතිව, බැංකුවලට ණය වෙන්නේ නැතුව තමාගේම මුදලින් මේ කම්හලට යළි පණ දෙනවා."

කොරියන් ස්පාක් පැකේජින් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ සභාපති අනුරුද්ධ අබේරත්න මහතා මෙසේ පැවසීය.

"මේ අවස්ථාව අපට ලබා ගන්න මාස 10ක් පමණ ගත වුණා. මම දකින විදිහට මෙම කම්හල විශාල හානියක් සිද්ධ වෙලා නැහැ. මගේ දැනීමේ හැටියට මාස 6ක් වගේ කාලයකදී යළි කඩදාසි නිෂ්පාදනය කරන්න පුලුවන්. මෙහි දිනකට මෙ.ටොන්. 50ක්  පමණයි නිෂ්පාදනය කරලා තියෙන්නේ.

අපි බලාපොරොත්තු වෙනවා එය මෙ.ටොන් 350ක් දක්වා වැඩි කරල රැකි රක්ෂා නිර්මාණය කරල විදේශ විනිමය උපයන්න. ඒ වගේම අපේ අරමුණ තව කම්හල් දෙකක් ආරම්භ කර අප්‍රිකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, කෙන්යාව ආදී රටවලට අපේ නිෂ්පාදන අපනයනය කිරීමයි.”

ඇඹිලිපිටිය විජය විදානපතිරණ

gossip lanka