gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අඩු කළ බස් ගාස්තු අද සිට ක්‍රියාත්මකයි

අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික බස් ගාස්තුව සියයට 02කින් පහල දමා තිබේ.

පසුගියදා ඉන්ධන මිල අඩු කිරීමට නව රජය පියවර ගැනීමත් සමඟ බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුණි.

ජාතික ගමනා ගමන කොමිශන් සභාවේ පැවති මෙම සාකච්ඡාවට එහි
සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටයේය.

මෙම සාකච්ඡාවට බස් සංගම් නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් එක්ව සිටි අතර එහිදී බස් ගාස්තු සියයට 02 කින් පහත දැමීමට එකඟතාව පලවිය.

කෙසේවෙතත් අවම බස් ගාස්තුවේ වෙනසක් සිදු නොවන බවයි අදාළ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් සඳහන් කළේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka