gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉල් මහ විරු සැමරුම අද

විසිනව වැනි ඉල්මහ විරු සැමරුම අදට (13 වැනිදා) යෙදී තිබේ.

ඒ නිමිත්තෙන් ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන විරු සැමරුම් උළෙල අද සවස 3.00 ට කොළඹ විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්වෙන අතර, ‘ඔබ මියගොස් නැත’ තේමාව ඔස්සේ
පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ විරු සැමරුම දිවයිනේ ස්ථාන තුනකදී පැවැත්වේ.

ජවිපෙ සැමරුම් උළෙලේදී එහි නායක අනුර කුමාර දිසානායක හා ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන මහත්වරු දේශන පවත්වති.

මහනුවර තැපැල් ශ්‍රවණාගාරයේ, ගම්පහ සණස ශාලාවේ සහ ගාල්ල ක්‍රීඩා මණ්‌ඩප ශ්‍රවණාගාරයේදී පෙරටුගාමී පක්‍ෂයේ ඉල්මහ විරු සැමරුම් සංවිධානය කර තිබේ.

මධ්‍යම කාරක සභිකවරුන් වන කුමාර් ගුණරත්නම්, සේනාධීර ගුණතිලක හා චමීර කොස්‌වත්ත යන මහත්වරුන් මෙහිදී දේශන පැවැත්වීමට නියමිත බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.

-  දිවයින


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka