gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මසාජ් ක්ලිනික් එකක් අස්සේ මාලිගාවත්තේ ගණිකා මඩමක්

මාලිගාවත්ත බේස්ලයින් මාවත ප‍්‍රදේශයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පසුගියදා (10 දා) වැටලූ මාලිගාවත්ත පොලිසිය එය පවත්වාගෙන ගිය කළමනාකාරිණියක සහ ගණිකා වෘත්තියේ නියැළුණු කතුන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

අවුරුදු 20 ත් 30 ත් අතර වයසේ පසුවන මෙම කතුන් අනුරාධපුර, පොලොන්නරුව වැනි ඈත පළාත්වලින් පැමිණ මෙම වෘත්තියේ නියැළී ඇතැයි හෙළි වූ බව පොලිසිය කියය. මෙ කතුන් කොළඹ රැකියා කරන බව නිවැසියන්ට දන්වා පැමිණ ඇතැයි හෙළි වූ බව ද පොලිසිය කියයි. මාස කිහිපයක සිට මෙම ගණිකා
නිවාසය පවත්වාගෙන ගොස් ඇතැයි හෙළිවිනැයි ද පොලිසිය පවසයි’

මෙම ගණිකා නිවාසයට විවිධ පැලැන්තියේ පුද්ගලයන් පැමිණ ඇතැයි ද පොලිසිය කියයි’ කොළඹ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පාලිත පනාමල්දෙණිය. කොළඹ මධ්‍යම  සහකාර පොලිස් අධිකාරි කේ. ජේ. එස්. කරුණාසිංහ යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ මාලිගාවත්ත පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක බී. එන්. ඒකනායක මහතාගේ උපදෙස් මත දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක එච්. පී. පී. පතිරණ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කොස්තාපල්වරුන් වන රූපසිංහ (45648), බුද්ධික (76770), සේනාධීර (89169), අහංගම (11646), කුමාර (29970), විජේරත්න (92935), කාන්තා පොලිස් කොස්තාපල් ඇතුගල (10403) යන නිලධාරීහු මෙම වැටලීම සඳහා සහභාගි වූහ.

- දිවයින


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka