gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සෑම සතියකම අලුතින් ඒඩ්ස්‌ රෝගීන් 6 ක්‌

මෙරටින් සෑම සතියකදීම අලුතින් එච්. අයි. වී. ඒඩ්ස්‌ වයිරසය ශරීරගත වූ රෝගීන් 6 දෙනකු සොයා ගැනෙන බව ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස්‌ මර්දන වැඩසටහන පවසයි.

මෙරට සිටින බවට ඇස්‌තමේන්තුගත කර ඇති එච්. අයි. වී.ඒඩ්ස්‌ වයිරසය ශරීරගත වූ රෝගීන්ගේ සංඛ්‍යාව 4200 ක්‌ වුව ද ඔවුන්ගෙන් මෙතෙක්‌ සොයා ගෙන ඇත්තේ සුළු පිරිසක්‌ බවත් එච්. අයි. වී.
වයිරසය ශරීරගත වූවන්ගෙන් 1/3 ක්‌ තමන් එච්. අයි. වී. වයිරසයෙන් ආසාදිත වී ඇති බව නොදන්නා බවත් එම වැඩසටහන කියයි.

ඉතිහාසයේ මෙතෙක්‌ වාර්තා වී ඇති වැඩිම එච්. අයි. වී. ඒඩ්ස්‌ වයිරසය ශරීරගත වූවන්ගේ සංඛ්‍යාව ඉකුත් වසරේදී (2017) වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 285 දෙනෙකි. මෙරට සමාජය තුළ අවදානම් සහගත චර්යා රටාවන් බහුල වීම හේතුවෙන් එච්. අයි. වී. ඒඩ්ස්‌ රෝගයට ගොදුරු වන්නන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබේ.

ඒමන්ති මාරඹේ

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka