gossip lanka

අද හා හෙට තවත් ඇමතිවරු දිවුරති

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 95 දෙනා එකට අත්වැල් බැඳගෙන සිටින බවත්, ඒ බව අද (01දා) රාත්‍රියේදී ජනජතාවට දැනගැනීමට හැකිව වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා සදහන් කළේය.

95 දෙනාගෙන් කිහිපදෙනෙකු අද (01දා) උදෑසන වනතෙක් විවිධ මතවල සිටි බවත්, එහෙත් මේ වන විට 95 දෙනා ආණ්ඩුව තුළ රැඳී සිටිමින් කටයුතු කිරීමට දහවල් වන විට අවසන් තීරණයක් ගත් බවද ඔහු පවසා සිටියේය.

ආණ්ඩුව ශක්තිමත් බවත්, අද (01දා) සහ හෙට (02දා)
තවත් අමාත්‍ය ධුර කිහිපයක් දිවුරුම් දීමට නියමිත බවද හෙතෙම සදහන් කළේය.

සියලු දෙනාට අමාත්‍ය ධුර ලබාදී යම් අමාත්‍ය ධුරයක් ඉතිරි වුවහොත් පමණක් තමන් අමාත්‍ය ධුරයක් ලබා ගන්නා බවද මන්ත්‍රීවරයා පවසා සිටියේය.



gossip lanka