gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එජාපය මාර්ක් සකර්බර්ග් අමතයි

එක්සත් ජාතික පක්ෂය විසින් ෆේස්බුක් සමාගමට ලිපියක් යොමුකර තිබෙනවා.

ෆේස්බුක් ප්‍රධානී මාර්ක් සකර්බර්ග් වෙත මෙය යොමු කර ඇත්තේ එජාප සභාපති කබීර් හෂීම්ගේ අත්සනින් යුතුවයි.

ශ්‍රී ලංකාවේ හටගෙන ඇති දේශපාලන අර්බුධකාරී වාතාවරණය පිළිබඳව
එම ලිපියේ විස්තර කර ඇති එජාපය ෆේස්බුක් සමාගමෙන් ඉල්ලීම් කිහිපයක්ම සිදු කොට තිබෙනවා.

මේවන විට හටගෙන ඇති තත්ත්වය අනුව සත්‍ය තොරතුරු දැනගැනීමට මෙන්ම මහජනතාවට අදහස් ප්‍රකාශ කිරීමේ ප්‍රධානතම ස්ථානය බවට පත්ව ඇත්තේ ෆේස්බුක් බවයි එජාපය පෙන්වා දෙන්නේ.

මෙම වාතාවරණයත් සමග මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ‘නීතිවිරෝධී’ රජය විසින්, ඔවුනට විරුද්ධව අදහස් පළ කරන පුද්ගලයින් කවුද, ඔවුන් සිටින සජීවී ස්ථාවය කුමක්ද සහ ඔවුන් සම්බන්ධ පුද්ගලික තොරතුරු ෆේස්බුක් සමාගමෙන් ඉල්ලා සිටීමට ඉඩ කඩ පවතින බව එජාපය සඳහන් කරනවා.

එවැනි ඉල්ලීමක් පැමිණියහොත්, එම තොරතුරු රජයේ අංශ වෙත ලබා දීමට කටයුතු නොකරන ලෙසටයි එක්සත් ජාතික පක්ෂය ෆේස්බුක් වෙතින් ඉල්ලා ඇත්තේ.

එමෙන්ම ජාත්‍යන්තර අවධානය ද ශ්‍රී ලංකාව වෙත දැඩිව ලක් වී ඇති මෙම අවස්ථාවේ දී ෆේස්බුක් සමාගම නිවැරදි පැත්තේ සිටගනු ඇති බවට විශ්වාස කරන බව ද එජාපය පවසනවා.

අදාළ ලිපිය පහතින්…

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka