තරගයට පැය කිහිපයකට පෙර ලහිරු කුමාරට තහනමක්

එංගලන්තය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයට නම් කර සිටි වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර එම සංචිතයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කොට තිබෙනවා.

විනය නීති කඩ කිරීමේ චෝදනා මත ඔහු සංචිතයෙන් ඉවත් කළ බවයි එම ආයතනය පවසන්නේ.

ඒ අනුව ලහිරු කුමාර වෙනුවට දුශ්මන්ත චමීර
කණ්ඩායමට එක්වනු ඇති.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද පෙරවරු 10ට ආරම්භවීමට නියමිතයි.

gossip lanka