gossip lanka

අත්අඩංගුවට ගත් එජාප මන්ත්‍රීවරුන්ට ඇප

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම හා හේෂා විතානගේ යන අය ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (05) නියෝග කළා.

ඒ මන්ත්‍රීවරුන් දෙදෙනා රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප මත මුදාහැරීමටයි අධිකරණය නියෝග කරනු ලැබුවේ.

නීතිඥ අජිත් ප්‍රසන්නට පසුගිය නොවැම්බර් 01
වැනිදා කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට දී පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දෙදෙනා කොල්ලුපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී .


gossip lanka