gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගුවන් යානා 25ක් නවතා තැබීමට හැකි අංගනයක් කටුනායකට

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ නව ගුවන් යානා අංගනයක් ඉදි කිරීම ආරම්භ කර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසයි.

දැනට පවතින ගුවන් යානා අංගනය තුළ ගුවන් යානා 24ක් පමණක් නවතා තැබිය හැකි අතර නව ගුවන් යානා අංගනය ඉදිකිරීමෙන් පසු තවත් ගුවන් යානා
25ක් පමණ නවතා තැබීමට හැකිවනු ඇතැයි පැවසේ.

මෙමගින් ගුවන්තොටුපලින් ගුවන්ගත වන හා ගොඩබසින ගුවන් යානා වලට දැනට ඇති වී තිබෙන තදබදය හා ගැටලුකාරී තත්ත්වය විසදා ගැනීමට හැකි වන බවද එම අමාත්‍යංශය සඳහන් කළේය.

මෙම නව ගුවන්යානා අංගනය ඉදි කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව ගුවන්තොටුපල පරිහරණය කරන ගුවන් මගීන්ගේ පහසුව සඳහා පිටවීමේ හා පැමිණීමේ පර්යන්ත නවීකරණය කිරීම ද මේ වන විට ආරම්භ කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka