gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිටපු ක‍්‍රිකට් කළමනාකරු යලිත් සෙට් වෙන්න හදයි

වෙනත් පරිපාලන හා කළමණාකාරීත්වයක් යටතේ තමා නැවතත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකාර ධූරය දැරීමට අකමැත්තක් නොමැති බව ඉල්ලා අස්වු හිටපු කණ්ඩායම් කළමණාකරු චරිත් සේනානායක මහතා විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.

තමා ඉදිරි නවසීලත්න සංචාරයට පෙර සිය ධූරයෙන් ඉවත් කිරිමට කටයුතු කෙරෙමීන් පවතින බව දැන ගනු ලැබුයේ එංගලන්තය සමග පැවති පළමු ටෙස්ට්
තරගය අතරතුර මාධ්‍ය මගින් බවද හෙතෙම පවසා ඇත.

තමා ධූරයෙන් ඉවත් කිරිමට කටයුතු කරන්නේ දැයි ක්‍රිකට් ආයතනයෙන් විමසු විට ලැබුණූ ප්‍රතිචාරය වුයේ සහාය කාර්ය මණ්ඩලය සමග ඇති සන්නිවේදන දුර්වලතා බව යැයි පැවසු බවත් ඔහු පවසා තිබේ.

එසේම කණ්ඩායම් පුහුණුකරු වු චන්දික හතුරුසිංහ සමග පැවති සම්බන්ධතාවය පිළිබඳව සිතා මෙම ධූරය ලබා නොගැනිමට තිබු බවද හෙතෙම පවසා ඇතැයි වාර්තා වේ.

අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකාර ධූරය දැරූ චරිත් සේනානායක මහතා හිටපු නායක මහේල ජයවර්ධනගේ නායකත්වය යටතේ අනුශූරයන්වූ 2012 වසරේදී පැවැති ලෝක කුසලාන විස්සයි20 තරගාවලියේදිද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකාර ධුරය දැරීය.

ටෙස්ට් තරග 3 කදී සහ එක්දින තරග 7 කදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමටද චරිත් සේනානායක මහතා අවස්ථාව උදාකරගෙන ඇත.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka