gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නගර හතරකදී ජ.වි.පෙ. උද්ඝෝෂණ

ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහිව ප්‍රගතිශීලී බලවේග සමග එක්ව සටන් ක්‍රියාමාර්ග ගැනීමේ පියවර ලෙස ජනතා විමුක්ති පෙරමුණ 9 වැනිදා  කුමන්ත්‍රණ පරදවන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජන බලය යන තේමාව යටතේ ප්‍රධාන නගර හතරකදී උද්ඝෝෂණ විරෝධතා පෙළපාළි සහ සම්මන්ත්‍රණ පවත්වන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවැසීය.

ඒ අනුව මාතර, රත්නපුර, මහනුවර සහ අනුරාධපුර නගරවලදී අදාළ ක්‍රියාමාර්ග ජනතා විමුක්ති
පෙරමුණේ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවද ඒ මහතා පැවැසීය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර නගරයේදිත්, පක්ෂයේ ප්‍රධාන ‍ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර නගරයේදීත්, පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදීත් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර නගරයේදීත් සිකුරාදා (9) වෙනිදා පස්වරු 3.00ට මෙම විරෝධතා රැලි, පෙළපාළි සහ සම්මන්ත්‍රණ පැවැත්වීමට එම පක්ෂය කටයුතු යොදා ඇත.

මේ මොහොතේ රට තුළ සිදුවෙමින් පවතින ව්‍යවස්ථා විරෝධිවත්, සදාචාර විරෝධිවත් සිදුකළ දේශපාලන කුමන්ත්‍රණයට එරෙහිව පාර්ලිමේන්තුව ඇතුළෙත්, පාර්ලිමේන්තුව පිටතත් අරගල කරන අතර අදාළ එම දේශපාලන කුමන්ත්‍රණය පැරදවීමට ජනතා බලය ගොඩනගන ක්‍රියාමාර්ග රැසක්ද පක්ෂය සැලසුම් කර තිබෙන බවද ඒ මහතා පැවැසීය.

පද්මිණි මාතරගේ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka