gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ 04 දෙනෙකුටත් අමාත්‍යධූර ලැබෙන්න යයි

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් පිරිසකටද ඉදිරියේදී අමාත්‍යධූර හිමිවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මන්තී‍්‍රවරුන්ට ප‍්‍රධාන වශයෙන් අමාත්‍යධූර ලැබෙනු ඇති බවටයි වාර්තා පළ වන්නේ.
මේ දක්වා දිවුරුම් දී ඇති අමාත්‍යවරුන් අතරට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කිසිවෙකුත් ඇතුළත්ව නැහැ.

එමෙන්ම, එස්. බී. දිසානායක සහ සුසිල් පේ‍්‍රමජයන්ත් යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ටද ඉදිරියේදී අමාත්‍යධූර හිමිවනු ඇති බවටද වාර්තා පළ වනවා. 16යේ කණ්ඩායම නියෝජනය කළ දයාසිරි ජයසේකර ඉකුත් දා අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දුන්නා.

මේ වනවිට නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් 15දෙනෙකු දිවුරුම් දී අවසන්. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව තවත් කැබිනට් අමාත්‍යවරුන් 15දෙනෙකු පත් කළ හැකියි. රාජ්‍ය අමාත්‍යවරුන් 08 දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 08දෙනෙකුද මේ වනවිට දිවුරුම් දී තිබෙනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව පත් කළ හැකි රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු ගණන 40කට සිමා විය යුතුයි. ඒ අනුව තවත් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යධූර 24ක් පුරප්පාඩුව පවතිනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka