gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජපානයට යන්න කැමති අයට සුබ පුවතක්

ජපානයේ සංක්‍රමණික නීති ලිහිල් කෙරෙන කෙටුම්පතක් එරට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මෙම නව නීතියට අනුව නව වීසා කාණ්ඩ දෙකක් යටතේ විදේශිකයින්ට කම්කරු රැකියා සඳහා ජපානයට ඇතුළු වීමට අවස්ථාව හිමිවනු ඇති බවයි.

කෙසේ වෙතත් මෙම නව නීතිය ක්‍රියාත්මක වීමට නම් අදාළ නීති කෙටුම්පත ජපාන පාර්ලිමේන්තුව තුළ ද සම්මත විය යුුතු වනවා.

ජපානය සංක්‍රමණික නීති ඉතා දැඩි රටක් වන අතර රැකියා සඳහා එරටට ඇතුළුවිය හැකි විදෙස් ශ්‍රමික සංඛ්‍යාව සීමා සහිත යි.

එහෙත් නව නීතිය යටතේ ඉදිකිරීම්, ගොවිතැන් සහ සෞඛ්‍ය යන අංශ සඳහා විදෙස් ශ්‍රමිකයින්ට ජපානයට ඇතුළු වීමේ නව දොරටු විවෘත වනු ඇති.

අදාළ නීතියට අනුව පළමු වීසා කාණ්ඩය යටතේ සිය පවුලේ සාමාජිකයින් ද සමග විදෙස් ශ්‍රමිකයෙකුට අවුරුදු 5ක් ජපානයේ සේවය කිරීමට වීසා හිමිවනු ඇති බව පැවසෙනවා.

ඉහළ මට්ටමේ කුසලතා සහිත සේවකයින් දෙවන වීසා කාණ්ඩයට සුදුසුකම් ලබන අතර අවසානයේ ඔවුන්ට එරට පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ද අයදුම් කිරීමට ද හැකි වීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් කැබින්ට් මණ්ඩලයේ සම්මත වූ මෙම නව නීතිය එරට විරුද්ධ පක්ෂවල විවේචනයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් පවසන්නේ, නව නීතිය සම්මත වුවහොත් එය එරට වැටුප් සහ අපරාධ අනුපාතයට බලපෑමක් සිදුවනු ඇති බවයි.

එහෙත් ජපාන අග්‍රාමාත්‍ය ෂින් ෂෝ අබේ අවධාරණය කළේ, යෝජිත නීති කෙටුම්පත රටේ සංක්‍රමණික ප්‍රතිපත්තිය ඉක්මවා නොයන්නක් බවයි.

මේ යටතේ දැඩි කම්කරු හිඟතාවයට කඩිනමින් පිළියම් යෙදිය හැකි විශේෂ කුසලතා සහිත විදෙස් ශ්‍රමිකයින් පමණක් ජපානය විසින් පිළිගනු ඇති බව ජපාන අග්‍රාමාත්‍ය ෂින් ෂෝ අබේ වැඩිදුරටත් පෙන්වා දෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka