gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාසල් ළමුන් බිය වද්දන හෙලිකොප්ටරේ කාගෙද?

දින කීපයක් තිස්සේ මාරවිල,මහවැව,වෙන්නප්පුව සහ නාත්තන්ඩිය ප්‍රදේශ වල සැරිසරණ හෙලිකොප්ටර් යානයක් හේතුවෙන් එම ජනතාව භීතියට පත්ව ඇත.

පෙරවරු 9.00 - 10.00 ත් අතර කාලය තුළ පැමිණෙන මෙම හෙලිකොප්ටර් යානය ඉතාමත්ම පහළින් පියාසර කිරීම හේතුවෙන් ප්‍රදේශයේ පාසල් කීපයක දරුවන්ද කලබලය පත්ව ඇති අතර ඊයේ (07) වෙන්නප්පුව ජෝෂප් වාස් විද්‍යා ලයට සමීපවද,
අද මහවැව මහා විද්‍යාලයට සමීපයෙන්ම මෙම හෙලිකොප්ටර් යානය ගමන් කර ඇත.

තම පාසලයේ වහළයට ආසන්නයෙන් ගමන් කරන හෙලිකොප්ටර් යානය දැක මහවැව මහා විද්‍යාලයේ ඉගෙණුම ලබමින් සිටි දරුවන් කලබලයට පත්ව ඇත. පසුව එම දරුවන්ගේ මව්පියන් විසින් මේ බව මාරවිල පොලීසියට දැණුම් දීමටද කටයුතු කර ඇත.

ගමන් කර ඇත්තේ ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක්ද,එසේත් නැත්නම් පුද්ගලික ආයතනයකට අයත් එකක්ද යන්න සම්බන්ධයෙන් සොයා බලන බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka