gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එක්දරු පියාගේ ප්‍රේම ලෝකයට නන කැඩෙන කුඩ ප්‍රහාරයක්

මොහු එක්දරු පියෙකි. වගකීම් රැසක් ඔහු කරමත පතිත වී තිබුණ ද ඔහුගේ සිත වියපත්ව නොගියේ වයසට යන්නට යන්නට මදන විසේ මතු වන රෝගය මොහුට ද වැළඳුණු බැවිනි.


පමා වී විවාහ වූ මොහුගේ වයස අවුරුදු හතළිහකි. දරුවා ලැබුණු පසු බිරිඳගේ හැඩරුව ද මවකට ගැළපෙන පරිදි
වෙනස් වී ගියේ සොබාදහමට අනුවය.


දිනක් මොහු අසනීප වූයේ හදිසියේය.


“පපුවත් හිරවෙනවා. ගැස්ට්‍රයිටීස් වෙන්නැති” ඔහු පපුව අල්ලාගෙන කී දෙයින් බියට පත්වූයේ බිරිඳය.


“යමු.... යමු ඩොක්ටර් කෙනකුට පෙන්නමු.


එසේ කියා අත දරුවා ද සමග කටුගස්තොට නගරයේ පෞද්ගලික රෝහලකට ගියේ සැමියාට කුමක් හෝ අනතුරක් සිදුවුවහොත් දරුවත් සමග තමා අනාථ වන බවට බිරිඳට දැනුණු නිසාය.


එහි සිටි නර්ස් නෝනා මුඛරිය, දඟකාරය, බිරිඳ බලා සිටියදීම ඇය සැමියා සමග බොහෝ දේවල් කතා කළ ද ඇය ඒ පිළිබඳ අහිතක් සිතුවේ නැත.


නමුත් ඔවුන් දෙදෙනා අතර ඇතිවූ දැන හැඳුනුම්කම බොහෝ දුර ගොස් ඇතැයි බිරිඳට දැනුණේ දෙදෙනා නිතර නිතර ෆෝන්වලින් කතා කරන්න වූ පසුවය.


“මම ටවුමට ගිහින් එන්නම්” සැමියා ගිය පසු ඔහුට හොරා දරුවා ද කරපින්නාගෙන බිරිඳ ද ඔහු ලුහුබැන්දේ ඇත්ත ඇති සැටියෙන් දැන ගන්නටය.


දෙදෙනා තුරුළු වී ප්‍රේම ලෝකයක සිටිනු දුටු බිරිඳ අතදරුවා නර්ස් නෝනාගේ අතට දී අතේ තිබූ කුඬේ නණ බිම වැටෙන තෙක් සැමියාට පහර දුන්නේ දෙනෝදාහක් බලා සිටියදීය.


නර්ස් නෝනාට දරුවෙකුත් තෑගි කොට ඇය කෙළින්ම ගියේ මහගෙදර උන් අම්මා ළඟටය.
(කටුගස්තොට ධම්මික ගුණවර්ධන)

-lankadeepa




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka