gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විග්නේෂ්වරන් පක්ෂයෙන් ඉවත් වෙයි

උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයෙන් ඉවත් වන බවට වූ නිල ලිපිය අද (08) එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා වෙත බාරදී තිබේ.

මේ අනුව සී.වී.විග්නේස්වරන් අද සිට තවදුරටත් දෙමළ ජාතික
සන්ධානයේ සාමාජිකයෙකු නොවෙනු ඇත.

යාපනයේ පිහිටි දෙමළ ජාතික සන්ධාන පක්ෂ කාර්යාලයට පැමිණි විග්නේස්වරන් මාවෙයි සේනාධිරාජා මන්ත්‍රිවරයාට පක්ෂයෙන් ඉවත් වීමේ ලිපිය බාර දීමෙන් පසුව පැයක පමණ කාලයක් දෙදෙනා අතර සුහඳ සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී සී.වී.විග්නේස්වරන් මහතාගේ දේශපාලන අනාගතය පිළිබදව මාවෙයි සේනාධිරාජා මහතා විසින් තොරතුරු විමසා ඇත.

තමන් විසින් පිහිටුවා ගන්නා ලද ටී.එම්.කේ.පක්ෂය ඔස්සේ ඉදිරියට තමන්ගේ දේශපාලන කටයුතු කරගෙන යන බවත් තමන් කිසි විටෙකත් උතුරු පළාතේ දේශපාලන කටයුතුවලින් බැහැර නොවන බවත් විග්නේෂ්වරන් මහතා මෙහිදී පවසා තිබේ.

එමෙන්ම රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ සමග දෙමළ ජාතික සන්ධානය ගණුදෙනු කිරීමේදී මීට වඩා පරෙස්සම් වියයයුතු බවද හෙතෙම අවධාරණය කර තිබේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka