gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පෙම්වතිය පෙම්වතාට සැප බස් රියේදී බූරුවා කියලා

දෙදෙනාට එක ළඟ වාඩි වී යාමට ආසන නොමැති සැප බස් රියකට පෙම්වතිය  නග්ගවා ගත් පෙම්වතකුට ‘බූරුවා’ යැයි අමතමින් දොස් කියූ පෙම්වතියක් කොළඹ-අම්බලන්ගොඩ ඉන්ටර්සිටි  බසයකදී හමුවිය.


 යොවුන් වියේ මෙම ජෝඩුව කළුතර බෝධිරාජයාණන් අසල  බස්නැවතුමේ සිට අම්බලන්ගොඩ දක්වා ධාවනය වෙමින් තිබූ ඉන්ටර් සිටි බසයට ගොඩවිය. පෙම්වතිය බසයට නැගීමට අදිමදි කළද පෙම්වතා දොරටුවට
ගොඩවී එහි හිස් ආසන ඇති බව දැකීමෙන් ඇයද බසයට නග්ගවා ගත්තේය.


සැප බස්රියේ දෙදෙනාට එක ළඟ වාඩිවී යාමට ආසන දෙකක් නැති බව පෙම්වතිය දුටුවාය. ඇය පෙම්වතාගේ පපුවට හෙමිහිට ගහගෙන ගහගෙන ගියාය. කොන්දොස්තර පසුපසට ගොස් වාඩි වෙන්නැයි කීවද පෙම්වතිය නොසෙල්වී ආඩපාලි කියමින් සිටියාය.

 “බූරුවා... ඇයි බූරුවෝ කෝ සීට්...” ඇය උරණව ඔහුට දොස් නගන්නට විය. ලැජ්ජාවට පත් තරුණයා පසුපස අසුනේ වාඩිවන ලෙස ඇයට කීය. එහි ඉඩකඩක් තිබූ අතර තරුණයින් තිදෙනෙක් වාඩිවී සිටිනු පෙනුණි. ඇය පෙම්වතා දෙස හැරී කමක් නැද්ද?’යි විමසූ විට ‘මට කමක් නැහැ’යි කියමින් තරුණයා වෙනත් අසුනක වාඩිවිය. මෙම බසය අහුන්ගල්ලට  එන තුරුම පෙම්වතාටත් පෙම්වතියටත් එකළඟ ආසන දෙකක වාඩිවීමට වාසනාව නොලැබුණි.

- lankadeepa

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka